දුම්රිය වැසිකිලියේ බිළිදිය දමා ගිය යුවල ගැන අධිකරණය අද දුන් අලුත්ම නියෝගය..!

Batticaloa Sri Lanka Department of Railways
By Sewvandhi සති 1 කට පෙර
Report

මීනගයා දුම්රියේ වැසිකිලිය තුළ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.එම නඩුව අද(17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත. 

 දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවය.

අනතුරුව බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් අධිකරණය විසින් දරුවාව නැවත එම මව්පියන් වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීගේ දැඩි අධීක්ෂණය යටතේ එම දරුවා එම මව්පියන් වෙත භාරදෙන ලෙසටය.

එසේම සැකකාර මව්පිය යුවළගේ මව්පියන් වෙත අධිකරණය නියෝග කර ඇත්තේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර..