වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල් වලට යළි ත්‍රිවිධ හමුදාව කැඳවයි.
Sri Lanka Army
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
By Wayomi
අදත් දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.
ඒ,රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මතයි.
අද උදෑසන 06.30 සිට සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.
ඒ, වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
මේ අතර අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්.