පාර්ලිමේන්තුව තුළ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකුට තුවාලයි.

Sri Lanka Police Parliament of Sri Lanka Accident
By Wayomi Apr 18, 2024 03:55 AM GMT
Report

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ,එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී ඇති බවත්,නිලධාරියා වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත්ය.

වහලේ සිවිලිමේ දිරාගිය කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තු සේවකයන් රාජකාරියට වාර්තා කරනු ලැබුවේද ඊයේ (17) දිනයේයි.