පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමු වූ තැන මෙන්න(PHOTOS).

CID - Sri Lanka Police Nihal Talduwa Police spokesman Sri Lanka Police Murder
By Aruna May 07, 2024 06:26 AM GMT
Report

සති දෙකක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයාගේ මළසිරුර හමුවී තිබෙන බව වාර්තා වනවා.

ඒ අද හලාවත මඩම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා විසින් අද ප්‍රකාශ කළේ ය.

මෙම තරුණයාගේ පෙම්වතිය යැයි පවසන තරුණියගේ නිවසට පසුගිය 22 වැනිදා ගොස් තිබුණා.

ඉන් අනතුරුව ඔහු අතුරුදන් ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

පොලිසි විසින් සිදු කළ මූලික විමර්ශනවල දී පසුගියදා අනාවරණ වී තිබුණේ, මෙම තරුණයාව අදාළ තරුණියගේ පියා සහ තවත් කිහිප දෙනෙකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඔහුගේ මහ ගෙදරදී පහරදී පැය කිහිපයක් සඟවා තබාගෙන තිබූ බවට‌යි.

මේ අතර, තුසිත ජයවංශ නමැති තරුණයා පැහැර ගැනීමට භාවිත කළ බව කියන වෑන් රථය පසුගිය (04) වන දා මාතලේ ප්‍රදේශයේ දී සොයාගැනුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරක් මත මෙම රථය සොයාගත් බවටයි සඳහන් වුයේ.

විල්ගමුව පොලිස් වසමට අයත් හෙට්ටිපොළ නගරයේ දී මෙම වෑන් රථය ‌සොයාගෙන තිබූ අතර, එම සැකකරුවන් විසින් අදාළ රථය එම ස්ථානයේ දමා ‌පළා ගොස් ඇති බවටයි පොලිසිය සැක පළ කළේ.

GalleryGallery