වන්දනාවේ යමින් සිටි තිරික්කල් පෙළට කඩා වැදුණු බස් රථය - පුද්ගලයින් 4 කට සහ ගවයින්ටත් බරපතලයි..
Sri Lanka
Accident
By Sithumi
අද (07) දහවල් බස් රථයක් තිරික්කල 05ක ගැටීමෙන් තන්තිරිමලේ වැව් බැම්ම මතදී අනතුරක් සිදුවී තිබේ.
එනම් මෙම අනතුර සිදුව ඇත්තේ, මන්නාරම සිට පුත්තලම ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගීවීමට යමින් සිටි පුද්ගලයින් පිරිසක් රැගත් බස් රථයක්, මඩු වන්දනාවේ යමින් තිබූ තිරික්කල් 05ක ගැටීමෙනි.
පොලීසිය සඳහන් කළේ අනතුරින් තිරික්කලවල ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා ගවයින් 04 දෙනෙකුට ද අනතුරින් තුවාල සිදුවී ඇති බවය.
බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |