සියල්ලන් මැද තලපති විජේට සෙරෙප්පු ප්‍රහාරයක් - සමාජ මාධ්‍ය කැළඹුණ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද දන්නව ද?. (PHOTOS)

Vijay India Actors Indian Actress
By krishani Dec 31, 2023 03:03 PM GMT
Report

දමිළ සුපිරි නළු තලපති විජේ පසුගිය බ්‍රහස්පතින්දා සවස අභාවප්‍රාප්ත නළුවකු සහ දේශපාලකයෙකු වන විජයකාන්ත්ට උපහාර දැක්වීම සඳහා චෙන්නායි හි අයිලන්ඩ් ක්‍රීඩාංගණයට ගොස් තිබෙනවා.

සියල්ලන් මැද තලපති විජේට සෙරෙප්පු ප්‍රහාරයක් - සමාජ මාධ්‍ය කැළඹුණ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද දන්නව ද?. (PHOTOS) | Thalapathy Vijay

එහිදී රසිකයින් පිරිසක් මැදින් ගමන් කරන විට සෙරෙප්පුවක් ඔහු දෙසට පියාසර කර ඔහුට වැදී ඇත.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක සඳහන් වේ.

සියල්ලන් මැද තලපති විජේට සෙරෙප්පු ප්‍රහාරයක් - සමාජ මාධ්‍ය කැළඹුණ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද දන්නව ද?. (PHOTOS) | Thalapathy Vijay

තලපති විජේගේ සිනමාගමනට අතදුන් පුද්ගලයකු ලෙස විජයකාන්ත් ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව විජයකාන්ත්ට අවසන් ගෞරව දැක්වීම පිණිස එන විජේට මෙලෙස ප්‍රහාරය එල්ල වී ඇත.

ඉන්පසු ඔහු කලබල‍යෙන් ඇවිදගෙන යන ආකාරය ද එම වීඩියෝවේ වැඩිදුරටත් සඳහන් වේ.

සියල්ලන් මැද තලපති විජේට සෙරෙප්පු ප්‍රහාරයක් - සමාජ මාධ්‍ය කැළඹුණ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද දන්නව ද?. (PHOTOS) | Thalapathy Vijay

සිනමා නළු අජිත්ගේ රසික සංසදය තුල රසිකයෙක් සටහනක් තබමින් පවසා තිබුනේ තලපති විජේට සිදුකල මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනයට ලක් කරන බවයි.

සුවහසක් රසිකයින්ගේ හදවත් දිනා ගත් තලපති විජේ ලංකාවට?. මෙහෙ ඇවිත් කරන්න යන දේ මොකක්ද දන්නව ද?. (PHOTOS)

සුවහසක් රසිකයින්ගේ හදවත් දිනා ගත් තලපති විජේ ලංකාවට?. මෙහෙ ඇවිත් කරන්න යන දේ මොකක්ද දන්නව ද?. (PHOTOS)


කෙසේ වෙතත්, විජයගේ සහ අජිත්ගේ රසිකයෝ මීට පෙර අවස්ථා ගණනාවක දී ගැටුම් ඇතිකර ගෙන තිබෙනවා.

එවන් පසුබිමක මෙම සටහන විශේෂත්වයක් ලෙස දැක ගැනීමට පුලුවන.