විදෙස් රටක අඩු මුදලින් සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට තායිලන්තයෙන් විශේෂ අවස්ථාවක්.

Tourism Thailand Tourist Visa
By Sewvandhi Jul 14, 2024 04:20 PM GMT
Report

ඔන්න තායිලන්තයේ අඩු මුදමින් සංචාරය කරන්න ශ්‍රී ලාංකිකයන්ටත් හැකියාවක්..

විදෙස් රටක සංචාරය කරන්න බලාපොරොත්තුවෙන අයට තියන ලොකුම ප්‍රශ්නේ තමයි වීසා පහසුකම් කියලා කියලා.

ඒ නිසාම මේ ප්‍රවෘත්තිය බොහෝ දෙනෙක්ට සුබ ආරංචියක් වේවි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා හෙට සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට පළමු වතාවට හැකියාව ලබා දී තිබෙනවා.

ඒ තායිලන්තයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන්.

මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය බවයි සදහන් වන්නේ.