හොර PCR කල්ලිය මාට්ටු..සියල්ලන් රවටා සිදුකළ ජාවාරම මෙන්න..
විදේශ ගතවීමේදී ගුවන්තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන පී සී ආර් පරීක්ෂණ වාර්තා මෙරට ප්‍රධාන පෙළේ රෝහලක වාර්තාවලට සමාන ලෙස ව්‍යාජව සකස්කර රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචාකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කෝටිපත් ව්‍යාපාරිකයන් දෙදෙනකු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති මැණීක් ව්‍යාපාරිකයකු වන අලුත්ගම දර්ගා නගරයේ පදිංචි මොහොමඩ් සුහයින් සහීර් ශ්‍යාම් සහ ක`ථතර පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන වටවල කංකානම්ගේ දොන් දිල්ෂාන් මධුරංග යන අයවලුන්ය.
මෙරට ප්‍රධාන පෙළේ රෝහලක පී. සී. ආර්. වර්ථාවල ඇති “ක්‍යු ආර්” කේතය සූක්ෂම අයුරින් භාවිත කර මෙම සැකකරුවන් පී සී ආ් වාර්තා දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මොවුන් කලක් තිස්සේ මෙම ඡාවාරම සිදුකර ඇති අතර, මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩියක්ද සහිතව මෙම පී සී ආර් වාර්තා ‘ක්‍යු ආර්” කේතයද අනුව යොදමින් ගුවන් තොටුපල නිලධාරින්ගේ පරිගණක දත්තවලට හසුනොවන ආකාරයෙන් මෙය සිදුකර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙහි තවත් සැකකරුවකු වන මරාදන ප්‍රදේශයේ පදිංචි මරික්කාර් මොහොමඩ් නසාර් මොහොමඩ් යන අය මින් පෙර අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු 23 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරුවන් ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 452, 457, 263, බුද්ධිමය දේපල පනතේ 186, නිරෝධායන පනත හා රෝග වැළැක්වීමේ පනත සහ 2015 අංක 13 දරන ව්‍යසන කළමණාකරණ පනතේ 24 වග්නිතය ප්‍රකාරව වරදවල් සිදුකර ඇතැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ අධ්‍යක්ෂ කාවින්ග ප්‍රියසේකර මහතාගේ උපදෙස් මත ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා ඇතු`ථ නිලධාරින් කන්ඩායමක් පරීක්ෂණ සිදුකරන බව ද අධිකරණයේදී කරුණු ඉදිරිපත් විණී’ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |