23 හැවිරිදි වෛද්‍ය සිසුවාට වෙඩි තැබූ ගුරුවරයා. - (VIDEO)

Shooting Pakistan
By Wayomi Mar 07, 2024 12:13 PM GMT
Report

බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක, විභාග පැවැත්වෙන අතරතු​රේ සිදු කළ වෙඩි තැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම කළේ වෛද්‍ය විද්‍යාලයේ රයිහාන් ෂරීෆ් නමැති ආචාර්යවරයෙක් වන අතර ඔහුගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

වෙඩි තැබීම කළ ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්ෂණිකව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සිසුන් විරෝධතාවක් සිදු කළ අතර අනතුරුව ඊයේ (6) රයිහාන් ෂරීෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ 23 හැවිරිදි සිසුවෙක් වන අතර එම සිසුවා සහ ආචාර්යවරයා අතරේ ආරවුලක් පැවැතී බව සඳහන්.