ඒලෙවල් පේපරේ ලීක් කළ රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරා අල්ලයි..!

CID - Sri Lanka Police Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Ministry of Agriculture
By Sewvandhi Jan 14, 2024 01:51 PM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බවයි.

52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකාර ගුරුවරයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අයෙකු බවයි, වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 12 වනදා පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරු ඊයේ (13) පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Sponsored By Sarrita Jewellery

ඒලෙවල් පේපරේ ලීක් කළ රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරා අල්ලයි..! | Teacher Who Leaked Agriculture Paper Arrested