තේ බොන්න එපා..? රජයක් කියන කතාව..

Food Shortages Pakistan World Economic Crisis
By Sewvandhi Jun 15, 2022 05:41 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා "පානය කරන තේ ප්‍රමාණය" අඩුකරන ලෙස පාකිස්තාන බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලයි.

එරට අමාත්‍යවරයෙක් වන අහ්සන් ඉක්බාල් පැවසුවේ බොන තේ කෝප්ප ප්‍රමාණය අඩු කිරීමෙන් එරට ආනයන බිල අඩුකර ගත හැකි බවය. 

මේ වනවිට පාකිස්ථානය දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර ඔවුන් සතු සංචිත ප්‍රමාණවත් වන්නේ මාස දෙකකටත් වඩා ආනයන සඳහා බව සඳහන් වෙයි.

ලොව ප්‍රමුඛතම තේ ආනයනකරු වන්නේ පාකිස්තානයයි. වාර්ෂිකව එරට ආනයනය කරන තේ කොළ වල වටිනාකම ඩොලර් මිලියන 600ක් පමණ වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now