මෙරට වසරක් තුළ සිදුවූ බදු සම්බන්ධයෙන් හෙට වෙන්න යන සුවිශේෂි වැඩේ..

Ranjith Siyambalapitiya Ministry of Finance Sri Lanka Financial crisis Income Tax Department Value Added Tax​ (VAT)
By Sithumini Aug 25, 2024 04:32 PM GMT
Report

මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩියෙන්ම ඇහෙන දෙයක් බවට බදු පිළිබදව කතා වෙනවා. 

විශේෂයෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ ජනතාවට බදු සහන ලබාදීම පිළිබදව නිරන්තරයෙන් අවදානය යොමු කරන ආකාරය අපට මේ දිනවල දක්නට ලැබෙනවා. 

 එවැනි පසුබිමක මෙම ආණ්ඩුව සමයේ බදු පිළිබද සියලු තොරතුරු හෙට ඉදිරිපත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතා අද ප්‍රකාශ කළා. ඔහු පවසන්නේ මෙම වසරේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනිමට බදු අය කර ගැනීම ඉතාම වැදගත් වූ බවයි. 

 එමෙන්ම මේ වන විට හිග බදු විශාල ප්‍රමාණයක් ාය කරගනිමින්සිටින බවද අමාත්‍යවරයා සදහන් කළා. 

 විශේෂයෙන්ම මෙවර ආදායම් බදු එමෙන්ම උපයන විට බද්ද මෙන්ම වැට් බදු හරහාත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ඉතාම වැදගත් වුණා. ඒ අනුව බදු පිළිබද සියලු තොරතුරු හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති.