ලංකාවට පනවන්න ගිය IMF නව බද්ද තව වසරකට කල් දමයි. - හේතුව මෙන්න.

Government Of Sri Lanka IMF Sri Lanka Income Tax Department
By Wayomi Dec 24, 2023 04:08 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කරන ලද ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව 2024 වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙස IMF විසින් මීට පෙර ශ්‍රී ලංකාවට දන්වා තිබූ අතර එය 2025 දක්වා කල් දැමෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ කිසිදු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකා රජය විසින් කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ.

ඒ, හේතුවෙන් මෙය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියා ආදර්ශ සැලසුමක් සපයන මෙන් ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත විශේෂ ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා.

එම ආදර්ශ සැලසුම ලැබීමෙන් පසු ධන බද්ද 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සලකා බැලෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.