මියගිය පියා කුණු මල්ලක බහා නිවසේ සඟවලා..අරුම පුදුම සිදුවීමක් මෙන්න..

Taiwan Death World Prison Murder
By Piyumika May 14, 2024 06:32 AM GMT
Piyumika

Piyumika

in ලෝකය
Report

පියාට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් තම මියගිය පියාගේ දේහය නිවසේ සඟවාගෙන සිටි දියණියක් පිළිබඳව තායිවානයෙන් වාර්තාවේ.

තායිවානයේ දකුණු නගරය වන kaohsiung හි පදිංචි දියනියක් විසින් මෙලෙස තම පියාගේ සිරුර නිවසේ සඟවාගෙන සිටි ඇති අතර අදාළ කාන්තාව විසින් ඩෙංගු වැළැක්වීමට රසායනික ද්‍රව්‍ය නිවසට ඉසීමට එම නිලධාරීන්ට නිවස තුළට යෑමට ඉඩ දීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර එම හැසිරීම මත නිලධාරීන්ට ඇය පිළිබඳ සැකයක් මතුව ඇත.

පොලිසියේ විසින් ඇගේන් දිගින් දිගටම පියා පිළිබඳ ප්‍රශ්න කිරීමේදී වරක ඇය පියා වැඩිහිටි නිවාසයක සිටින බවත් තවත් වරක සහෝදරයා සමග විදේශක සිටින බවත් පවසා ඇත.

කෙසේ වෙතත් ඇයගේ මෙම වෙනස් වන ප්‍රකාශ හමුවේ විමර්ශනය කළ පොලිසිය අනාවරණය කරගනු ලැබූයේ ඇගේ සහෝදරයා මීට වසර පනහකට පෙර මියගොස් ඇති බවත් පියා රටින් පිටවීමක් සිදු නොවී ඇති බවත්ය.

ඩොලරයට එකවරම සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ වාර්තාවක් එළියට..

ඩොලරයට එකවරම සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ වාර්තාවක් එළියට..


පසුව ඇය පවසා සිටියේ පියා ජීවිතක්ෂයට පත් වූ බවය.

ඔහුගේ මරණ සහතිකය ඉදිරිපත් කිරීමටද ඇය අපොහොසත් වූ අවස්ථාවේදී ඇය එම ලේඛනය සඳහා අයදුම් කරන බවත් ප්‍රකාශ කර සිටියා.

පසුව පොලිසිය විසින් සිදුකළ සෝදිසි කිරීමේදී නිවස තුළ තිබී කළු ප්ලාස්ටික් කුණුබෑගයක තිබී වයෝවෘද්ධ අයෙකුගේ අස්ථි සොයාගන්නා ලද අතර වෛද්‍යවරුන්නිගමනය කළේ සිරුර ඇටසැකිල්ලක් බවට පත්වීමට සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ ගතවන බවයි.

මෙම සිද්ධියට අදාළ පියා වසර විස්සකට අධික කාලයක් සේවය කළ හමුදා ප්‍රවීණයෙකු වූ අතර ඔහුට මාසික විශ්‍රාම වැටුපද්ද ලැබී ඇත.අදාල දියණිය මානසික සෞඛ්‍ය දුර්වල මට්ටමක පවතින බවත් ඇය ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාර්ග මාධ්‍ය වාර්තා කරයි.

ජංගම දුරකථනයක් පෙර පාසල් දැරියට මරු කැඳවයි.

ජංගම දුරකථනයක් පෙර පාසල් දැරියට මරු කැඳවයි.


කෙසේ වෙතත් තායිවානය තුළ මළ සීරුරකට හානි කිරීම, අතහැර දැමීම ,අපහාස කිරීම හෝ සොරකම් කිරීම වසර පහක සිර සිරදඬුවමක් නියම කළ හැකි වරදක් වෙයි.

එසේම එය සෘජු ඥාති හෝ සමීපතම පවුලේ සාමාජිකයකු විසින් සිදු කරන්නේ න්ම් දඩුවම එකයි 1.5 ගුණයකින් වැඩිකළ හැකි බව සඳහන් වේ.