ඖෂධ වර්ග 60 ක මිල අද සිට පහත දමයි.. නව මිල ගණන් මෙන්න..
                                    
                    Keheliya Rambukwella
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Government Employee
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                                                
                    National Health Service
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට 16%කින් අඩු කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වනුයේ අද සිටයි.
නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇති අතර ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇති බවයි පැවසෙන්නේ.
නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500යේ පෙත්තක මිල රුපියල් තුනයි ශත 49ක් ලෙස ගණනය කර ඇති අතර, ඉන්සියුලින් මිලිග්‍රෑම් 10යේ කුප්පියක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 2270යි ශත දෙකක් ලෙස දක්වා ඇත.
ඇමොක්සිලින් ක්ලැවුලිනික් ඇසිඩ් මිලිග්‍රෑම් 375ක උපරිම සිල්ලර මිල රුපියල් 70යි ශත 32ක් ලෙස එහි දක්වා තිබේ.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    