‘‘වෙහෙස දැනෙනවද?? උගුරට අමාරුද??’’

By Madheeha_Naz Sep 11, 2023 05:48 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

in රචනා
Report

තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ අහලා ඇති. මෙය බෙල්ලේ මධ්‍යයේ පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියක්. ඉතින් එමගින්  තයිරොයිඩ් හෝමෝන නිපදවනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය සාපේක්ෂව කුඩා වුවද, එය පරිවෘත්තීය ප්‍රධාන ග්‍රන්ථිය ලෙස සලකනු ලබන අතර හදවත, මොළය, අක්මාව, වකුගඩු සහ සම ඇතුළු බොහෝ වැදගත් අවයවවල ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය නිරෝගීව බව ඔබේ සමස්ත සෞඛ්‍ය තත්වයට බලපානවා.ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔබට තයිරොයිඩ් ගැටළු ඇති බවට හඟවන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු.


තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති විය හැකි ගැටළු:

අධිතයිරොයිඩතාව (hyperthyroidism).

මන්දතයිරොයිඩතාව (hypothyroidism).

ගලගණ්ඩය .

තයිරොයිඩ් ගැටිති.

තයිරොයිඩයිටිස් සහ  තයිරොයිඩ් පිළිකා ආදී දේවල් තයිරොයිඩ් ග්‍රන්තියේ ඇතිවිය හැකි ගැටළු වෙනවා. 

 මේ අතරින් තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය (මන්දතයිරොයිඩතාව) සහ තයිරොයිඩ් ග්‍රන්ථි අධි ක්‍රියාකාරීත්වය (අධිතයිරොයිඩතාව) බහුලව දක්නට ලැබෙන අතර ශරීරයේ බොහෝ හෝමෝන, චිත්තවේගීය හා ශාරීරික වෙනස්කම් ඇති කරන්න පුළුවන්.

මේ තයිරොයිඩ් ගැටලු මගින්  ඕනෑම පුද්ගලයින් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. ඒත් මේ තත්වය බොහෝ විට ඇති වන්නේ ගැටලු හා සම්බන්ධ පූර්ව රෝග ලක්ෂණ වැරදි ලෙස හඳුනාගැනීම හෝ සරලව නොසලකා හැර සිටීම නිසයි. සමහරුන්ට මෙම රෝග ලක්ෂණ තිබ්බත් ඔවුන් ගණන් ගන්නේ නැහැ.  ඔවුන්ට තියෙන්නේ තයිරොයිඩ් ගැටලුවක් බව ඔවුන් සිතන්නෙත් නැහැ. ඉතින් පළමුවෙන්ම ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කරගැනීම සහ ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවන්න විශේෂයෙන්ම මේ තයිරොයිඩ් ගැටළු සඳහා අත්බෙහෙත් කරන්න යන්න එපා .


දැන් අපි තයිරොයිඩ් ග්‍රන්තියේ ඇතිවිය හැකි ගැටළු මොනවද කියලා බැලුවනේ දැන් අපි බලමු අපට ඒ ගැටලුව පෙන්වන බවට හඟවන ලක්ෂණ මොනවද කියලා : 


ඔබට තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් ඇති බව පෙන්නුම් කරන  ලක්ෂණ,

වෙහෙස, තෙහෙට්ටුව දැනීම සහ දිවා කාලයේදී ශක්තියක් නොමැතිකම.



හිතාගන්නවත් බැරි විදිහට සිරුරේ බර වැඩිවීම සහ බර අඩු වීම.

 මානසික අවපීඩනය (විශාදය) සහ කාංසාව.

 ඔසප් වීමේ රටාවේ ඕනෑම වෙනසක් හෝ අක්‍රමවත් ඔසප්වීම.

 හදිසියේ හිසකෙස් හැලීයාම.

 අධික සීතලක් හෝ උණුසුම් බවක් දැනීම.

 ගොරෝසු කටහඬ සහ බෙල්ලේ අපහසුතාව. 

මලබද්ධය, පාචනය හෝ උග්‍ර උද්දීප්‍ය ආන්ත්‍රික සින්ඩ්‍රෝමය (Irritable Bowel Syndrome ) වැනි ආහාර ජීර්ණ ගැටළු.

 සමේ අධික වියළිබව මාංශ පේශි සහ සන්ධි වේදනාව.

අවධානය යොමු කිරීමේ හෝ මතක තබා ගැනීමේ ගැටළු යනාදී දේවල් ඔබට තයිරොයිඩ් ගැටළු ඇති බවට හඟවන ලක්ෂණයන් වනවා. 


 

අද අපි කිව්වා මෙන්න මේ කරුණු කාරනා තමයි ඔබට තයිරොයිඩ් ගැටළු ඇති බව සහ ඒ බව හඟවන ලක්ෂණ කිහිපය. ඉතින් ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවානම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.