වසංගත රෝග තත්වයක් ගැන පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් දැනුම්දීමක්..!
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ, බස්නාහිර පළාතේ ඌරන් අතර පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බව
පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙය මිනිසුන්ට වැළඳීමේ ද ප්‍රවණතාවයක් නොමැති බවය.
කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සිසිර පියසිරි මහතා,
"මේ PRRS රෝගය 2020දී ඇවිල්ලා එවකට ඒ රෝගය පාලනය කරලා ඊට පස්සේ වරින්වර එම රෝගය තැන්තැන්වලින් මතුවෙනමින් තිබුණා. මේ වෙලාවේ කිසිම විදිහකට ශ්‍රී ලංකාව තුළ PRRS රෝගය වසංගත තත්ත්වයකට පත්වෙලා නැහැ.
ඒක වගකීමෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපි කියනවා මොකද අපේ යාන්ත්‍රණයක් තියෙනවා පශු වෛද්‍යවරු ඊළඟට අපේ ක්ෂේත්‍ර නිලධාරීන් පශු පර්යේෂණ නිලධාරීන් ඊළඟට අපේ පශු පර්යේෂණ ආයතනය.
ඒ වගේ ආයතනවලින් මේක නිරන්තර අධීක්ෂණයට සහ නිරන්තර සැලකිල්ලට භාජනය කරනවා මේ රෝගය පැතිරීම පිළිබඳව අපේ පශු සම්පත් අංශයේ ඉන්න පශු වෛද්‍ය විශේඥයින් ඉන්නවා. වසංගත රෝග පිළිබඳ විශේඥයින් ඉන්නවා.
එම ආයතනවලින් මේක තහවුරුවක් කරගන්නේ නැතුව රටට මේ ප්‍රචාර ලබාදීම ඉතාම නරකයි. මේ සූකර කාර්මාන්තය විශාල කඩාවැටීමකට වුණත් ලක්වෙන්න පුළුවන් මේ වගේ වැරදි ප්‍රචාර රට තුළ ඉදිරිපත්වීම."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |