අත්අඩංගුවේ සිටි හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුලු සැකකරුවන් අධිකරණයට.
අත්අඩංගුවේ පසුවන හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු සැකකරුවන් අද යළි මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.
ඔවුන් එලෙස බන්ධනාගාර ගත කෙරුණේ, මතභේදාත්මක ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැත.
ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සමඟ අදාළ එන්නත් තොගය ආනයනය කළ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, එහි ගණකාධිකාරි නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති සැකකරුවන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා.