සුසිල් ගැන පොහොට්ටුවෙන් තීරණයක් ගන්න යයි..ගෙදරම යන්න වෙයි?

Sri Lanka Political Gotabaya Rajapakshe Sri Lanka podujana peramuna Susil premajayantha
By Aruna Jan 06, 2022 02:43 AM GMT
Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගනු ඇති බවට වාර්තා වනවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගත යුතු නම් ඒ සම්බන්ධයෙන් ද දේශපාලන මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, දේශපාලන මණ්ඩලය රැස්වන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නො මැති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්.

එහෙත් ඔහුගේ එම සාමාජිකත්වය අහෝසි කළ හොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now