ක්‍රීඩා ලෝලීන් පිස්සු වට්ටන අයි.පී.එල්. කණ්ඩායමක අලුත්ම වෙනසක්..!

Sunrisers Hyderabad Cricket Sri Lanka Cricket IPL 2024
By Sewvandhi Mar 03, 2024 11:47 AM GMT
Report

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම 2024 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් නව පන්දු යැවීමේ පුහුණුකරුවෙකු පත්කර තිබෙනවා.

ඔවුන් තීරණය කර ඇත්තේ, එම ධූරයට නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් පත් කිරීමටයි.

මෙම පියවර ගෙන ඇත්තේ,සන්රයිසස් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ඩේල් ස්ටේන් සිය පෞද්ගලික හේතුවක් මත මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්ය.

නව පුහුණුකරු ලෙස පත් වූ ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 2011 සහ 2012 වසරවලදී අයි.පී.එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, මෙය ඔහු අයි.පී.එල් තරගාවලියේදී පුහුණුකරුවෙකු ලෙස ක්‍රියාකරන පළමු අවස්ථාවයි.

එමෙන්ම සන්රයිසස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එළඹෙන තරග වාරයේ දී නවසීලන්ත හිටපු නායක ඩැනියල් විටෝරි කටයුතු කරනු ලබනවා.