නේපාල තරුණියන් ලිංගික ජාවාරමෙන් බේරාගත් තරුණයාගේ සුවිශේෂි කතාව...

India Bollywood Nepal Sunil Chhetri
By Sithumini Aug 20, 2024 06:52 PM GMT
Report

නේපාල තරුණියන් 128 දෙනෙකු ලිංගික ජාවාරමෙන් මුදාගත් සුනිල් ශෙට්ටි ගැන ඔබ අසා තිබෙනවද?

මේ සිදුවීම වෙන්නේ 1996දි. නමුත් ඔහු වසර 24ක් පුරා නිහඩව ඉන්නවා. මේ කතාව හෙළි නොකර. මුම්බායි පොලිසිය විසින් සිදුකළ වැටලීමකදි මුම්බායිහිදි ලිංගික ජාවාරම් සිදුකළ තිප්පොලකින් තරුණියන් ඇතුළු කාන්තාවන් 400කට අධික ප්‍රමාණයක් බේරා ගන්නවා.

නමුත් මෙහි සිටි වයස අවුරුදු 18ට අඩු තරුණියන් 128 දෙනෙකු සිටියා.

ඔවුන්ගේ උප්පැන්න සහතික නොමැත්වීම මත ඉන්දියාව හෝ නේපාලය ඔවුන්ව වියදම් දරමින් භාරගැනීමට අකමැති වුණා.

මෙම අවස්ථාවේදි සුපිරි බොලිවුඩ් නළු සුනිල් ශෙට්ටි මේ කාන්තාවන් වෙනුවෙන් දෙවියෙකු ලෙස ඉදිරිපත් වුණා.

ඔහු මේ තරුණියන් 128 දෙනාටම ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන ඔවුන් නේපාලය වෙත යැවීමට කටයුතු කර තිබුණා. ඒ ඔහුගේ පෞද්ගලික වියදමෙන්.