සූර්යයාගේ කොටසක් වෙන්ව යයි - විද්‍යාඥයින්ගේ දැඩි අවධානය..

NASA
By Sithumi Feb 10, 2023 12:25 PM GMT
Report

නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට, සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නිරීක්ෂණය වී තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණ සිදු කරන බවය. සූර්යයාගෙන් ගිනි දැල් විමෝචනය වීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයවීමක් බව විද්‍යාඥයින් පවසයි.

විද්‍යාඥයින්ගේ ද විමතියට හේතුවී ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන බව ඔවුන් පවසා තිබේ. මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now