ලොවක් මවිත කළ, 12 හැවිරිදි දරුවාගේ හිස නැවත බෙල්ලට සවිකළ විශ්මිත සැත්කම
ඊශ්‍රායලයේ වෛද්‍යවරු විසින් බයිසිකලයක් පදිමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පසු 12 හැවිරිදි පිරිමි ළමයෙකුට ඔහුගේ හිස බෙල්ලට නැවත සම්බන්ධ කරමින් ශල්‍යකර්මයක් සිදු කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ශල්‍යකර්මය අතිශය අසාමාන්‍ය හා සංකීර්ණ ශල්‍යකර්මයක් වන බවයි. Suleiman Hassan නම් වූ මෙම දරුවාගේ හිස් කබල ඔහුගේ කොඳු ඇට පෙළේ ඉහළ කශේරුකාවෙන් වෙන් වී තිබෙනවා.
වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය විද්‍යාත්මකව bilateral atlanto occipital වූ සන්ධි විස්ථාපනයක් ලෙස හඳුන්වන බවයි. ප්‍රතිකාරය අධීක්ෂණය කළ විකලාංග ශල්‍ය වෛද්‍ය ඔහාඩ් අයිනව් පැවසුවේ ශල්‍යකර්මය සිදු කිරීමට පැය කිහිපයක් ගත වූ බවයි.
ශල්‍ය වෛද්‍යවරු සඳහන් කරන්නේ, ළමයාට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව තිබුණේ සියයට 50 ක් පමණක් බැවින් ඔහුගේ සුවය ආශ්චර්යයකට වඩා අඩු නොවන බවයි.
මෙම ශල්‍යකර්මය පසුගිය මාසයේ සිදු වූ නමුත්, වෛද්‍යවරු ජූලි මාසය වන තෙක් ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් නොකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.