ජීවන අංක 2 හිමි අය - පෙම්වතා සහ පෙම්වතිය නිවැරදිව තෝරා ගැනීමේදී මෙන්න මේ අංක හිමි අය තෝරාගන්න.

Astrology
By Wayomi Mar 01, 2024 11:31 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ ලිපි පෙළින් ඔබව දැනුවත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ  අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනා ගන්නා ආකාරය පිළිබඳවයි.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ  අංකය සොයා ගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ  අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ  අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද  අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට අංක 2 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.


🟢අංක 2ට  අංක 1 වන අයගේ ගැළපීම

මෙය හොඳ සබඳතාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙහිදී පිරිමියා අංක එක වී ස්ත්‍රිය අංක දෙක වීම ඉතා යහපත් වන අතර දෙදෙනා අතර මනා ආකර්ෂණීය බවක් ඇති කරයි. මෙහිදී කාන්තාව පිරිමියාට අවනතව කටයුතු කරන ස්ත්‍රියක් බවට පත්වේ. පිරිමියාගේ කුදු මහත් සියලු කටයුතුවලට උදවු උපකාර කරයි.

එමෙන්ම පිරිමියාගේ තීන්දු තීරණ කෙරෙහි වැඩි විරුද්ධතාවක් දක්වන්නේ නැත. ස්ත්‍රිය නම්‍යශීලී භාවයෙන් සහ කීකරුභාවයෙන් යුතුව කටයුතු කරන තැනැත්තියක් වෙයි. නමුත් මෙම ස්ත්‍රියගේ ඉවසීමේ සීමාව ගැන පිරිමියා හොඳින් අවබෝධ කරගෙන සිටිය යුතුයි. මෙහිදී පිරිමියා නිදහස අයුතු ලෙස භුක්ති විඳීමට යාම නොකළ යුතු අතර එමඟින් දෙපාර්ශ්වය අතර ගැටුම් නිර්මාණය වී විරසක වීම් සිදුවිය හැකිය. මෙම අංක මාරුවී යෙදුණත් එනම් ස්ත්‍රිය අංක එක වී පිරිමියා අංක දෙක වුවද එතරම් ගැටලුවක් ඇති නොකරයි.


🟢අංක 2ට  අංක 2 වන අයගේ ගැළපීම

මෙය ඉතා හොඳ ගැළපීමක් තිබෙන සබදතාවකි. මෙවැනි දෙදෙනෙක්ගේ එකතු වීම විවාහ ජීවිතයක් හෝ හවුල් සබඳතාවක් ඉතා සාමකාමීව සතුටින් යුක්තව ගත කළ හැකි අතර යම් දියුණුවක් අපේක්ෂා කළ හැකියි. මෙහිදී අංක දෙකෙන් උපත ලද පිරිමියා සරල දිවි පෙවෙතක් ගතකිරීමට කැමති වන අතර වැඩි කලබලයක් නැතිව සැහැල්ලුවෙන් කටයුතු කිරීමට කැමති අයෙක් වෙයි. එමෙන්ම ඔහු සෘජු අදහස් සහ ප්‍රතිපත්තිවලින් යුක්ත අයෙක් ද වෙයි. පිරිමියාගේ මෙම ගති ස්වභාවයන්වලට අංක දෙකෙන් උපන් ස්ත්‍රිය ද මනා ලෙස ප්‍රියතාවක් දක්වයි.

එබැවින් ඔහුගේ කටයුතු කර දීමට ඇය ඉතා උනන්දුවෙන් සහ වුවමනාවෙන් ඇප කැපවී කටයුතු කරයි. වෙහෙස මහන්සි වී ගෙදරට පැමිණෙන තම ස්වාමියා සතුටින් තැබීම ඇයගේ අපේක්ෂාව වන අතර ඒ තුළින් ඇය තෘප්තියක් ලබයි. විවාහයෙන් පසු මොවුන් කිසිසේත්ම වෙන්ව වාසය කිරීමට කැමති නැත. කෙසේ හෝ එකට සතුටින් ගත කිරීම බලාපොරොත්තුව වෙයි. දෙදෙනාගේ පවුල් ජීවිතයේ අනාගතය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට මොවුන් පසුබට වන්නේ නැත. කායික මානසික සහ අධ්‍යාත්මික වශයෙන් මොවුන්ගේ සමානකම් දැකිය හැකි වෙයි.


🟢අංක 2ට  අංක 3 වන අයගේ ගැළපීම

මෙම අංක දෙකේ ගැළපීම සාමාන්‍ය සබඳතාවකි. මෙහිදී අංක දෙක පිරිමියා වී අංක තුන ස්ත්‍රිය වෙනවට වඩා මෙම අංක දෙක මාරු වී එනම් අංක තුන පිරිමියාත් අංක දෙක ස්ත්‍රියත් වීම වඩා හොඳ දීර්ඝකාලීන සබඳතාවයක් පවත්වාගෙන යාමට ඉවහල් වෙයි. අංක දෙකෙන් උපන් පිරිමියා යහපත් කල්පනාකාරී කාරුණික ගති ඇති තමාට පැවරෙන ඕනෑම වැඩක් භාරගෙන කරන අවනත භාවයෙන් කටයුතු කරන සැකයෙන් හා අවිශ්වාසයෙන් යුතු මනසකින් යුක්ත ආත්ම විශ්වාසය අඩු පුද්ගලයෙක් වන අතර අංක තුනෙන් උපන් ස්ත්‍රිය දක්ෂ හුරුබුහුටි ප්‍රායෝගික ගතිවලින් යුක්ත බොහොම ක්‍රියාශීලි තැනැත්තියක් වන අතර හොඳ සහයෝගීතාවයක් දක්වන්නියක් ද වෙයි.

මොවුන්ගේ එකතුවීම මුලින් ටික කාලයක් සාර්ථකව සබඳතාවය ගෙන ගියත් පසු කාලයේදී ස්ත්‍රියගේ සිත තුළ ස්වාමියා පිළිබඳ සෘණාත්මක ආකල්ප ගොඩනැගේ. පිරිමියා ඉතා යටහත් පහත් බයාදු ගති ඇති පුද්ගලයෙක් ලෙස සිතමින් තමාට නොගැලපේ යැයි ඇය සිතයි. ඉන්පසු පිරිමියාගේ සිතේ ද ස්ත්‍රිය පිළිබඳ ඇති කරන්නේ ඇය ඇයට ඕන ආකාරයෙන් කටයුතු කරන ආඩම්බරකාරී තමාව ගණනකට නොගන්නා තමාට ගරු නොකරන තමන්ව ඉක්මවා කටයුතු කරන තැනැත්තියක් ලෙසත් ඇයට තමා එපා වී වෙනත් සබඳතාවයක් ගොඩනගා ගනී යැයි සැක පහළ කරයි. මෙහිදී දෙදෙනා අතර මත ගැටුම් ඇති කරන අතර විරසක වීම් හෝ විවාහය බිඳ වැටීම් දක්වා දුර දිග යා හැකියි. නමුත් පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක දෙක වීම තුල මේ තත්ත්වය වෙනස් වෙයි. සබඳතාවය දිගුකාලීනව පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි.


🟢 අංක 2ට  අංක 4 වන අයගේ ගැළපීම

මෙය හොඳ සබඳතාවක් ලෙස සැලකිය හැකිය. අංක දෙකෙන් උපන් පිරිමියා ය හපත් ගති ඇති හොඳ කල්පනා ශක්තියකින් යුක්ත ලැජ්ජාශීලී ඉදිරිපත් වීමේ ගුණාංග අඩු සාමකාමී තැනැත්තෙකි. අංක හතරෙන් උපන් ස්ත්‍රිය දුරදිග බලා කටයුතු කරන ගෙදර කටයුතු මනා ලෙස සංවිධානය කිරීමේ දක්ෂ හොඳ කළමනාකරණ හැකියාවකින් යුතු ප්‍රායෝගික ගති ඇති තැනැත්තියකි. මේ අනුව දෙදෙනාගේ ගැළපීම ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි.

අංක දෙක පිරිමියා තුළ යම් ආකාරයක ස්ත්‍රිය පිළිබඳව සැකය අවිශ්වාසය ඇති කළත් අංක හතර ස්ත්‍රිය පිරිමියාව හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීමට බුද්ධිමත් වෙයි. ඇයට හොඳ ඉවසීමේ ශක්තියක් සහ දරා ගැනීමේ හැකියාවක් ඇති බැවින් සියලු චෝදනා දරාගෙන කටයුතු කිරීමේ හැකියාව ඇත. මෙහිදී අංක හතර පිරිමියා වී අංක දෙක ස්ත්‍රිය වීම තුළ මේ තත්ත්වයන් තරමක් වෙනස් වෙයි. මෙහිදී අංක දෙක ස්ත්‍රිය තමාගේ සැකය අවිශ්වාසය සහ ඉක්මන් කෝපය පාලනය කරගැනීමට උනන්දු විය යුතුය. අංක හතර පිරිමියා ඇයව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. අංක හතර පිරිමියා තුළින් ඇයට ආදරය රැකවරණය ලැබෙන අතර හොඳ සහයෝගයක් ස්ත්‍රියට ලබා දෙයි.


 අංක 2ට  අංක 5,6,7,8,9 අයගේ ගැළපීම ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

- අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි -