වෛද්‍ය සිසුවෙක් නේවාසිකාගාරයේ කාමරයක සියදිවි නසා ගනී..

Sri Lanka Accident Education
By Aruna May 03, 2023 02:59 AM GMT
Report

බෙලරූස් රාජ්‍යයේ ග්‍රොඩ්නෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යයෙකු සිය දිවි නසාගෙන ජීවිතක්ෂයට පත් වී තිබෙන බව වාර්තා වනවා.

තිෂාන් කුලරත්න නමැති මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයෙහි තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක්.

දෙමව්පියන් සමඟ ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිතව සිටි මෙම සිසුවා,මව විසින් ගත් දුරකරථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වූ සැකය මත මව විසින් ඔහුගේ මිතුරන්ට මේ බව දන්වා තිබේ.

ඒ අනුව ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු ගොස් නේවාසිකාගාරයේ ඔහු නැවතී සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now