සිසුවෙකුගේ දුරකථන පණිවුඩය නිසා පාසැල් සිසුවියක් මුහුදට පනී..කිලෝමීටර් 2ක් පයින් ඇවිල්ල..

Ministry of Education Accident
By Aruna Aug 01, 2022 12:55 AM GMT
Report

අම්බලන්ගොඩ, කහව මුහුදු වෙරළේ තිබී මියගිය පාසැල් සිසුවියකගේ මල සිරුරක් 31 පෙරවරුවේ අම්බලන්ගොඩ පොලීසිය මගින් සොයාගෙන තිබේ.

මෙම මල සිරුර, ගල්දූව, කහව ලිපිනයේ පදිංචි ඇසලගමගේ තදීෂා මීනු නැමැති 13 හැවිරිදි පාසැල් සිසුවියගේ බවට ඇයගේ පියා වන ආසනගමගේ තුෂාර (40) විසින් හදුනාගෙන තිබේ.

මියගිය පාසැල් සිසුවියගේ දේහය බළපිටිය මූලික රෝහලේ තැන්පත්කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

මියගිය පාසැල් සිසුවිය කහව, වේරගොඩ මහ විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

30 සන්ධ්‍යාවේ සිය පියා විසින් දෙන ලද අවවාදයක් හා තරවටු කිරීමක් හේතුවෙන් දැරිය රාත්‍රී 8.50 ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවත් සිත්තැවුල හේතුවෙන් මුහුදට පැන සියදිවි නසා ගන්නට ඇතැයි විශ්වාස කරන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

නිවසේ භාවිතා කරන ජංගම දුරකතනයට පිරිමි ළමයෙකු විසින් එවන ලද පනිවුඩයක් සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් දැරියට අවවාද හා තරවටු කර තිබෙන බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

30 රාත්‍රීයේ දැරිය පයින්ම මාර්ගයේ ගමන් ගන්නා ආකාරයද ප්‍රදේශවාසීන් දැක තිබෙන බවත් එය සාමාන්‍ය සිදුවීමක් බව සිතා ප්‍රදේශවාසීන් ඒ බව දැරියගේ දෙමාපියන්ට දැනුම් දී නොමැති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

දැරිය නිවසින් අතුරුදන් වී ඇති බවට 30 රාත්‍රියේම දැරියගේ පියා වන ආසනගමගේ තුෂාර (40) සහ මව වන පත්තිනි වසම් සුජීවා චන්ද්‍රිකා (35) විසින් මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්ෂිණික ක්‍රියාත්මක වීමක් පොලීසිය සිදුකළේ නම් හෝ දැරිය සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමක් දෙමාපියන් කළේ නම් දැරිය බේරා ගැනීමට හැකියාව තිබූ බව ප්‍රදේශවාසීන් කියයි.

දැරිය සිය නිවසේ සිට මුහුදු වෙරළ දක්වා කිලෝ මීටර් 02 කට ආසන්න දුර ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගය දිගේ පයින්ම පැමිණ ඇති අතර ඒ සදහා ගතවන කාලය තුල කිසිවෙක් දැරිය සම්බන්ධයෙන් සොයා බැලීමක් කර නොමැති බවද ප්‍රදේශවාසීන් වැඩි දුරටත් සදහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now