ඇල්ලෙන් පහලට පැන්න සිව්දරු මවගේ සිරුර හමුවෙයි..පැන්න හැටි කුඩා දරුව පොලිසියට කියයි(PHOTOS)
ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට පැන අතුරුදන්ව සිටි සිව් දරු මවගේ මෘත ශරීරය ඇල්ල පාමුල දිය වළක තිබී සොයා ගෙන තිබෙනවා.
“පවුල් ආරවුලක් හේතුවෙන්” දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි ඇය ඊයේ (අප්‍රේල් 22) දින පොලිසිය ආසන්නයේ පිහිටි ඇල්ලෙන් පහළට පැන තිබුණු අතර ලක්ෂපාන යුද්ධ හමුදා කඳවුරේ භට පිරිස් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේදී ම සොයා ගනු ලැබ ඇත.
මිය ගිය කාන්තාව දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිව් දරු මවක් බවයි පැවසෙන්නේ.
දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලිසියට පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙන එන ලෙස දරුවාට දැනුම් දී දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග ඩෙවොන් ඇල්ලට පැන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසීය.
ඇය සිය සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමග ජීවත් වී ඇති බව ත්, පසුව එම පුද්ගලයා ඇය සතු මුදල් රැගෙන නිවසින් පිටව ගොස් මාස කිහිපයක් ගත වී ඇත ත්, එම පුද්ගලයා තමන්ට කිසිදු දුරකතන ඇමතුමක් හෝ ලබා නොදුන් බව පවසමින් මිය ගිය කාන්තාව පොලිසියට පැමිණි කර ඇත.
මව සමග ගිය දරුවා ආපසු පොලිසිය වෙත දිවගොස් අම්මා දිය ඇල්ලෙන් පහළට පැන්න බව දැනුම් දුන් බවත්, ඒ අනුව දිඹුල පතන පොලිසිය සහ ලක්ෂපාන යුද්ධ හමුදා කඳවුරේ භට පිරිස් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා සිරුර සොයාගත් බවත් පොලිසිය කියා සිටී.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති අතර මිය කාන්තාවගේ දරුවන් සිව් දෙනා මේ වන විට ඔවුන්ගේ පවුලේ ඥාතීන් භාරයේ සිටින බව දිඹුල පතන පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළා.




