හෝමාගම සිද්ධියට උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට - තවත් නිලධාරීන් 4කගේ වැඩ තහනම්
පොලිස් නිලධාරීන් කිසිවකු ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් කටයුතු නොකරන බවත්, යම් නිලධාරියකු වැරදි හෝ නීතිවිරෝධී ක්රියාවකට සම්බන්ධ වුවහොත් ඔහුට එරෙහිව නීත්යනුකූලව සහ විනයානුකූලව දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම සහ තුවාල ලැබීම සම්බන්ධයෙන් පසුගිය දිනවල වාර්තා වූ සිදුවීම් පිළිබඳව මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්ය හමුවේදීය.
හෝමාගම ප්රදේශයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසීය.
සිද්ධියට පෙර දිනයේ, සිදුවූ දිනයේ සහ ඉන් පසු දිනයේ අදාළ සියලු සාක්ෂි සටහන් කර ගනිමින් ඒවා මහේස්ත්රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, ආඥා පනතේ 125 වැනි වගන්තිය යටතේ බස්නාහිර පළාත් දකුණු කොට්ඨාසයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් වෙත මෙම විමර්ශනය පවරා තිබේ.
මෙම සිද්ධියට අදාළව හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ, මත්ද්රව්ය අංශයේ වැටලීම් සඳහා සහාය වූ උප ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව ද ඔහු පැවසීය.
එමෙන්ම, කොළඹ දකුණු කොට්ඨාසයේ විමර්ශනවල ප්රතිඵල මත මෙම මරණය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු ක්රියාත්මක වන බව ද සඳහන් කළේය. පොලිස්පතිවරයා විසින් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා නිරන්තරයෙන් උපදෙස් ලබා දුන්න ද, ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති වන බවත්, ඉදිරියේදී ඒවා වැළැක්වීමට පියවර ගන්නා බවත් වුට්ලර් මහතා අවධාරණය කළේය.
කොබේගනේදී සැකකරුවකු මියයාම ගැනත් පරීක්ෂණ
කොබේගනේ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු සැකකරුවකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා කරුණු පැහැදිලි කළේය. ගසක බැඳ සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව ඔහු පැවසීය. පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී එම සැකකරු මියගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, එම සැකකරුට සිවිල් පුද්ගලයන් කිහිපදෙනකු විසින් පහර දී ඇති බවට ලැබුණු තොරතුරු මත සිවිල් පුද්ගලයන් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස භාර නිලධාරියාගේ සහ මහව සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ත්රිකුණාමලයේ සැකකරුවන් තිදෙනකුට තුවාල සිදුවීම ගැන වාර්තාවක් කැඳවයි
මේ අතර, ත්රිකුණාමලය පොලිස් භාරයේ සිටි සැකකරුවන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවීම සම්බන්ධයෙන් ද මාධ්යවේදීන් ප්රශ්න කර තිබේ. ඊට පිළිතුරු දෙමින් වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ සිද්ධිය පිළිබඳව කොට්ඨාස භාර නිලධාරියාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි. එම වාර්තාව ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනුම් දීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.