අද පාසල්වල උගන්වන්න ගුරුවරුත් ඉගෙන ගන්න ළමයිනුත් ඇවිල්ලා නෑ?.. එතකොට හෙට?.

Strike Sri Lanka Sri Lankan Schools School Incident School Children Teachers
By krishani Jul 09, 2024 04:21 PM GMT
Report

අද (09) දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වූ බව වාර්තා විය.

අද පාසල්වල උගන්වන්න ගුරුවරුත් ඉගෙන ගන්න ළමයිනුත් ඇවිල්ලා නෑ?.. එතකොට හෙට?. | Studies In Schools 10Th July 2024

ඒ අනුව පාසල් වලට සිසුන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණ බවට සඳහන් වේ.

එමෙන්ම, පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ඇතැම් පාසල් වල සිටි බව ද වාර්තා විය.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)


කෙසේ වෙතත්, රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති 200කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භ කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු විදුහල්පතිවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළේ ය.

එවන් පසුබිමක, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පෙරේදා සහ අද (09) පාසල් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය සහිතව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

වහාම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ - එකවරම දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම ලබන 12 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ - එකවරම දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ක්මෙහත්මිය පැවසුවේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළේ ය.