පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙක් කරපු බරපතල වැඩක් මාට්ටු වෙයි..

Sri Lanka
By Aruna Mar 12, 2023 12:54 AM GMT
Report

දෙහිවල ප්‍රදේශයේ පාසලක් තුළදී 11 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේම සිසුන් දෙදෙනකු සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

සැකකාර සිසුන් දෙදෙනා එම පාසලේ10 වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත්,අපයෝජනයට ලක් කර ඇත්තේ එම පාසලේම 6 වසරේ ඉගනුම ලබන සිසුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

මොවුන් අවස්ථා කිහිපයකදීම ඉහත සිසුවා අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

සැකකාර සිසුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.