නිවාස ව්‍යාපෘතියක වහලවල් ගලවාගෙන ගොස් ගමක්ම සෙල වූ බිහිසුණු සුළඟ..(VIDEO)

Kalutara Sri Lanka Climate Change Weather
By Sewvandhi May 05, 2023 11:17 AM GMT
Report

කළුතර නගරය හා අවට ප්‍රදේශ රැසකටම ඊයේ රාත්‍රියේ කාලයේ දී හමාගිය තද සුළං තත්වය හේතුවෙන් කළුතර නාගොඩ මංසන්ධියේ පිහිටි නිවාස ව්‍යාපෘතියක නිවාස රැසකම වහලවල් සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, පැයක පමණ කාලයක සිට හැමු තද සුළඟක් නිසා ඔවුන්ගේ නිවාසවල වහලවල් ගැලවී ගොස් ඇති බවයි.

එක් නිවසක වහලක් අනෙක් නිවස ගාසගෙන ගොස් එම නිවසේ ඉහළ මාලයේ කොටසකට ද හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීම සිදු කොට තිබේ. කිසිදු පුද්ගලයෙකුට මේ සුළගින් හානියක් සිදුව නොමැත. 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now