දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක්..රෝගීන්ට විශේෂ දැනුම්දීමක්..

Ministry of Health Sri Lanka National Health Service
By Aruna Mar 20, 2024 02:43 AM GMT
Report

අද (20) උදෑසන 08.00 සිට හෙට (21) උදෑසන 08.00 දක්වා දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

මීට ප්‍රධාන හේතුව ලෙස ඖෂධවේදීන් සඳහන් කරන්නේ, උපාධිධාරී ඖෂධවේදීන් 900ක් පමණ පුහුණුව අවසන් කර සෞඛ්‍ය සේවයට එක්වීමට අපේක්ෂාවෙන් සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමත් හා පුහුණුව සඳහා ඖෂධ සංයෝජකයින් තුන්සියයක කණ්ඩායමක් බඳවා ගැනීමට සැරසීම යන කාරණාවලට විරෝධය පළ කරමින් බවයි පැවසෙන්නේ.

ඖෂධ සංයෝජකවරුන් විසින් සිදු කරනුයේ ඖෂධවේදීන්ගේ කාර්යයෙන් කොටසක් වන රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම පමණකි.

මොවුන් විරෝධය පළකරන්නේ, රටේ ආර්ථිකය දුර්වල වී ඇති මොහොතක පුහුණුව ලත් උපාධිධාරී ඖෂධවේදීන් සිටියදී එම කාර්යය කිරීමට ආසන්න වශයෙන් සමාන වැටුපකට බඳවා ගැනීමට ගෙන ඇති අදූරදර්ශී තීරණයකටයි.

මෙහිදී ඖෂධවේදීන් සියළු අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ස්වේච්ඡාවෙන් ලබා දෙනු ලබන අතර සියලු අනිකුත් සේවාවන්වලින් ඉවත් වනවා.

සියලුම ළමා රෝහල් මාතෘ රෝහල් වකුගඩු ඒකක පිළිකා ආයතන, පිළිකා දූලක සැපයීම් ඒකක, මානසික රෝහල් මෙම වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් කරනු ලබන බවයි වාර්තා වන්නේ.