රටම දන්නා ව්‍යාපාරිකයාගේ ගිනි අවියට සිදුවූ දේ - පොලීසිය වහාම ක්‍රියාත්මක වෙයි
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
Businessman
By Sewvandhi
වත්තල පොලීසිය විසින්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක සභාපතිවරයෙකුට අයත් ගිනි අවියක් සොරකම් කර ඇති බවට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තමන් සතු බලපත්‍ර සහිත පෞද්ගලික ගිනි අවිය මෙලෙස සොරකම් කර ඇති බවටයි, අදාළ ව්‍යාපාරිකයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
ඔහු පොලීසියට පවසා ඇත්තේ, තමන් නිදා සිටියදී සිය නිදි යහන මත තබාගන්නා ගිනි අවිය සුළං කවුළුවකින් ඇතුළුවූ අයෙකු මෙලෙස සොරකම් කර ඇති බවට සැකකරන බවයි.
සැකකරු විසින් ගිනි අවිය සහ එයට යොදාගන්නා ජීව උන්ඩ 12ක් අඩංගු මැගසීනය ද සොරකම් කර ඇත.
වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.