තෙල් මිල අඩු කිරීම ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Fuel Price In Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Mar 07, 2024 03:28 PM GMT
Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බවයි.

අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,

"විදුලි ගාස්තුව අඩුකිරීම සඳුදා සිදුවුණා , ආපනශාලා ඇතුළු පාර්ශ්ව ඉරිදා මිල වැඩිකළා , ඔවුන් යම් උපක්‍රමයක් භාවිත කළා වැඩිකළ ප්‍රමාණය අඩු කරලා අඩුකළා කිව්වා ඒ අඩුකිරීම කිසිසේත් ප්‍රමාණවත් නැහැ මිල තීන්දු කරන්නේ පවතින තත්ත්වය අනුව ඉදිරි මැතිවරණය කුමක් වුවත් නියං තත්ත්වයක් ගල් අඟුරු මිල වැඩිවීමක් වුණොත් ඒ තත්ත්ව සැලකිල්ලට ගන්නවා"

"එක් කණ්ඩායමක් දිහා බලලා කරන දෙයක් නෙවෙයි මිල සූත්‍රයේ වියදම් නිරූපණය වෙන්න පමණයි කරන්නේ වැට් බද්ද එකතුවුණේ නැත්නම් ඉන්ධන ලීටරයකින් රු.50 - රු. 55ක් අඩු කරන්න පුළුවන්"

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%