" රෝග ලක්ෂණ ඇති අයට වඩා,රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සමාජයේ බහුලයි" වෛද්‍ය හේමන්ත හේරත් කියන භයානක සත්‍යය.. .

vaccination Covid19 Delta Hemantha Herath omicron health guildlines
By Sewvandhi Feb 10, 2022 06:26 AM GMT
Report

මේ වන විට වාර්තා වන රෝගීන් සඳහා ඇඳන් 7000ක් පමණ වෙන්කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

Omicron ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන් නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළා.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි අවස්ථාවල මුව ආවරණය සහ අත් සෝදන ක්‍රියාවලිය අනිවාර්යයයෙන්ම සිදුකළ යුතු වනවා සේම සෞඛ්‍ය පුරුදු නිතරම අනුගමනය නොකිරීම රෝගය තවදුරටත් ව්‍යාප්ත වී තත්ත්වය බරපතළ වීමට හේතුවක් විය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

පළමු හා දෙවන මාත්‍රා ලබා ගත් සියලු දෙනා තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට වඩා රෝග ලක්ෂණ නොමැති රෝගීන් මේ වන විට සමාජයේ බහුල වීම හේතුවෙන් සියලු දෙනා එක ලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now