එළඹෙන උත්සව සමයේ රට නැවතත් Lockdown..? රට තවම සාමාන්‍යකරණය වෙලා නෑ..

covid19 lockdown vaccination Omicron Dr.Jud Jayamaha
By Sewvandhi Jan 12, 2022 12:00 PM GMT
Report

 එළඹෙන උත්වස සමයේදී රට ලොක්ඩවුන් කිරීමක් සිදුකළ යුතුද යන්න මේ මොහොතේ පුරෝකථනය කිරීම කළ නොහැකි බව වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ඒ බව පැවසීය.

"දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ අපි පවතින තත්ත්වය සමාලෝචනය කරලා තමයි ඊළඟ තීරණ ගන්නේ. දින මාස වේගෙන් යනවා.ඒ නිසා එළඹෙන සතිය විශේෂ සතියක්. පාසල් සම්පූර්ණයෙන් පටන් ගන්නවා."

"අප්‍රේල් ආයෙත් උත්සව සමයක් එනවා. ඒ නිසා අපි දැන්ම ඒ ගැන අවධානය යොමු කරලා සෞඛ්‍ය පුරුදු සමග කටයුතු කරන්න අවශ්‍යයයි."

"පෙබරවාරි 01 වනදා ලොක්ඩවුන් කරන්න වෙයිද කියලා අපිට දැන්මම පුරෝකථනය කරන්න බෑ."

"වෛරස හැසිරීම සම්බන්ධයෙන් අපි උපදෙස් දෙනවා. නමුත් අපිට ඉතාමත් අපහසුයි පුරෝකථනය කරන්න. අලුත් ප්‍රභේදයක් ආවත් මාස්ක් එකක් දාලා හිටිය නම් ඒක පැතිරෙන්නේ නෑ. "

"අනෙක් කරුණ තමයි රට සාමාන්‍යකරණය වෙලා නෑ.. නව සාමාන්‍යකරණයකට තමයි අපි ගිහින් තියෙන්නේ."

"අපේ රටෙන් තාම කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා එකට ආසාදනය වුණු රෝගීන් වාර්තා වී නෑ. එහෙම වාර්තා වුණත් ඒක විශාල ගැටලුවක් නෙමෙයි."

"කොවිඩ් -19 පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඉන්ෆ්ලුවන්සා මේ කාණ්ඩයේ අනෙක් වෛරසත් වර්ධනයවීමේදී වෙනස්වීම් සිදුවෙනවා. වෙනස්වීම් එකතුවෙලා එකතුවෙලා විකෘතිතා ඇතිවෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now