Covid සීඝ්‍ර පැතිර යාමත් සමග, රට නැවතත් lockdown ද..රාජ්‍ය ඇමති චන්නගෙන් ප්‍රකාශයක්..!
vaccination
Covid19
Channa Jayasumana
booster
qurrantine
By Sewvandhi
පවතින තත්ත්වය තුළ රට වසා දැමීමට හෝ සංචාරක සීමා පැනවීමට කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
දිනෙන් දින ඉහළ යන COVID-19 රෝගීන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
පවතින තත්ත්වය හේතුවෙන් සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව නොමැති බවත් කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ බූස්ටර් එන්නත ලබා ගැනීම කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමට ඉවහල් වන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |