අවශ්‍ය අයට සිව්වැනි මාත්‍රාවක්..? - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්..

vaccination Covid19 Asela Gunawardhana Priyankara Jayawardhana
By Sewvandhi Feb 17, 2022 08:17 AM GMT
Report

විදෙස්ගත වන පුද්ගලයන්ට අවශ්‍ය නම් ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි  කොවිඩ් එන්නතේ සිවු වැනි මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර තිබෙයි.

මේ අතර,බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවට පළ වන ප්‍රකාශවල සත්‍යතාවක් නො මැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන ප්‍රකාශ කළේ, අසත්‍ය ප්‍රකාශවලට නො රැවටී බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යුහුසුලුව කටයුතු කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now