හර්ෂ මාධ්‍යට කළ හෙළිදරව්වට මාලදිවයින හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් නිවේදනයක්..

Sri Lanka Politician Harsha de Silva
By krishani Jun 15, 2022 12:59 AM GMT
Report

මාලදිවයිනේ හිටපු ජනාධිපති වන මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් හට කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව ඒ මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේ ය.

එහි සඳහන් වන්නේ,

"පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මගෙ හොඳ මිතුරෙක් අපි නිතරම මුණගැසෙනවා.නමුත් මෙම ප්‍රකාශය නිවැරදි නැහැ.මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට උදව් කරන්න රටවල් කිහිපයක් කැමැත්තෙන් ඉන්නේ.ඉදිරියේ දී එම සහාය ශ්‍රී ලංකාවට ලැබේවි." යනුවෙනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join