නාවික හමුදාව මෙරටට ගෙනා රොහින්ග්‍යා සරණාගතයින්ට - මෙරටදී දැන් වෙන්න යන අසාධාරණය. - (VIDEO)
2022 දෙසැම්බර් 17 වැනි දින ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 3.5ක් (කිලෝමීටර 6.5ක්) දුරින් වූ මුහුදේ ගිලෙමින් තිබු බෝට්ටුවක් දෙසැම්බර් 18 වන දින නාවික හමුදාව විසින් බේරාගන්න ලදී. මියන්මාරයේ සිට ඉන්දුනීසියාව බලා යමින් සිටි බවට සැක කෙරෙන ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයින් 104 දෙනෙකු මෙසේ බේරා ගත් අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යාලය විසින් ඔවුන් රෝහින්ග්‍යා සරණාගතයින් ලෙස සඳහන් කර තිබුණි.
එතැන් පටන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යාල ලංකාවේ පැමිණි සරණාගතයන අතරට එක්වූ රෝහින්ග්‍යා සරණාගතයින්වද මේ දක්වා නඩත්තු කරනු ලැබුණි.
නමුත් මේ වනවිට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යාල ලංකාවෙන් ඉවත් කිරීමට තීරනය කර ඇති අතර එසේ ඉවත්වීමට කිසිදු හේතුවක් ප්‍රකශ කල නැත.
LTTE සමයේ පිහිටවූ මෙමෙ කාර්යාලය ලන්වවෙන් ඉවත් කල හොත් රෝහින්ග්‍යා සරණාගතයින් කිසිදු සරණක් නොමතිවන් හෙයින් එයට විරෝධය් පල කරමින් ඔවුන් විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යාලය ඉදිරිපිට විරෝදතාවයක් ඊයේ(02) සංවිධානය කර තිබුණා.
මෙහිදී ඔවුන් ඉල්ලා සිටියේ සිය කැමැත්තකින් ඔවුන් ලංකාවට නොපැමිණි අතර නැවතත් පිටව යාමට අවශ්‍ය පසුබිම සලසා දෙන ලෙසත් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයේ අවධානය යොමු කරන් ලෙසත්ය.