රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මන්ත්‍රීවරුන් පසුපස හඹා යෑමක්. - හේතු රැසක් එළියට.

CID - Sri Lanka Police Sri Lanka Politician
By Wayomi Jan 09, 2024 10:19 AM GMT
Report

මේ දිනවල රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුපස හඹායන බව වාර්තා වෙනවා.

ඒ, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මැති ඇමැතිවරුන් විපක්‍ෂය සමඟග එක්වන්නේ දැයි සෙවීමට.

බුද්ධි අංශ නිලධාරීන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුපස මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පසුපස ද මෙලෙස ගමන් කරනු ලබන්නේ, විශේෂයෙන්ම පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් පිරිසක් සමගි ජනබලවේගය සමග එක්වීමට ගෙන ඇති තීරණ සහ ඔවුන්ගෙන් සජබය සමග කඩින් කඩ එක්වන්නේ කවුදැයි යන්න සොයා බැලීම සඳහා බවයි ආරංචි මාර්ග පවසන්නේ.

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මන්ත්‍රීවරුන් පසුපස හඹා යෑමක්. - හේතු රැසක් එළියට. | State Intelligence Officials Are After Mps

එමෙන්ම පක්‍ෂ මාරු කරනු ඇතැයි නොසිතන පොහොට්ටුවේ දේශපාලනඥයන් රැසක් සජබය සමග එක්වීමට රහස් සාකච්ඡා පවත්වන බවට මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

මේ අතර සජබය සමන් එක්වන එවැනි දේශපාලනඥයන් ඉතා රහසේ මෙන්ම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුට සමීප ප්‍රබලයන් කිහිප දෙනකු සමඟ පමණක් අදහස් හුවමාරු කර ගැනීම නිසා බුද්ධි අංශ නිලධාරීන්ට මෙලෙස මන්ත්‍රීවරුන් පසුපස යෑමට සිදුව ඇති බවයි වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


                                                                  Sponsored By Sarrita Jewellery

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මන්ත්‍රීවරුන් පසුපස හඹා යෑමක්. - හේතු රැසක් එළියට. | State Intelligence Officials Are After Mps