ප්‍රධාන මාර්ගයක් වැසෙ.. රියදුරන්ට දැනුම් දීමක්.

Srilanka
By Sithumi Mar 10, 2022 11:46 AM GMT
Report

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අළුත්ගම - විගඩ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය තවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි

. ඒ අනුව, අනිද්දා (12) සිට 14 වනදා දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය තවකාලිකව අත්හිටු වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසීය 12 වනදා සහ 13 වනදා යන දෙදින තුළ පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වාත් මාර්තු 14 වනදා 9.00 සිට 4.00 දක්වාත් දුම්රිය හරස් මාර්ගය එලෙස වසා තැබේ

. ඒ හේතුවෙන් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතාකර ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවය ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now