නීති විරෝදිව ගෙන්වූ සීනි තොගයක් රේගු භාරයට

CID - Sri Lanka Police
By Sithumi Jan 06, 2023 12:31 PM GMT
Report

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද දුඹුරු සීනි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.  

දුඹුරු සීනි ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක් තුළ සුදු සීනි බවට සඳහන් කරමින් එම සීනි තොගය ආනයනය කර ඇති බව වාර්තා වනවා.

  සීනි මෙට්‍රික් ටොන් 1,200ක තොගයක් මෙලෙස ගෙන්වා ඇති අතර එහි දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 600ක තොගයක් තිබී ඇති බව සඳහන් විය. මෙම දුඹුරු සීනි තොගයේ වටිනාකම රුපියල් මිලයන 241ක් පමණ වන අතර එම සීනී තොගය රාජසන්තක කිරීමට නියමිතයි