කාන්තාවක් ලෙස සැරසී සොරකම් කල අයෙකු හසුවේ..

By Sithumi Aug 26, 2022 05:35 PM GMT
Report

කාන්තාවක ලෙස වෙස්වලා ගනිමින් නිවෙස්වලට ඇතුලු වී සොරකම්වල නිරතවූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලුතර උතුර පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලුතර දකුණ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

සැකකරු විසින් සොරකම් කළ රයිස් කුකර්, වතුර මෝටර්, බෆල්, පිත්තල භාණ්ඩ, පිඟන් කෝප්ප ඇතුලු උපකරණ රැසක් මෙන්ම වෙස්වලා ගැනීමට යොදාගත් සාරි 7ක් ද සොයාගෙන ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශකර ඇත්තේ කොණ්ඩය ද කාන්තාවක ලෙස සකස් කර සාරියකින් සැරසී කිසිවෙකුත් නොමැති නිවෙස්වලට ඇතුලු වන විට අසල්වාසීන් ද සැක නොසිතන බවටයි .

මෙම පුද්ගලයා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.