අගමැතිගෙන් ජනතාවගේ බඩගින්න ගැන විශේෂ ප්‍රකාශයක්..

By Sithumi Jun 17, 2022 02:07 PM GMT
Report

ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී අද (17)රැස්වු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙි බව පැවසීය.

මෙම ආහාර අර්බුදයේදී විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය