රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්

By Sithumi Jan 23, 2023 05:18 PM GMT
Report

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

  ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  

එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසුවා.