හෙට සිට සිදුවන විදුලි කප්පාදුව පිළිබදව දැනුම් දීමක්..

By Sithumi Dec 26, 2022 12:05 PM GMT
Report

දෙසැම්බර් මස 27 වනදා සිට 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. 

 එනම් A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරනු ලබයි ඒ අනුව දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙ.

මේ අතර  නව වසර උදාව හේතුවෙන් දෙසැම්බර් මස 31 වනදා සහ ජනවාරි මස 01 වනදා විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර ප්‍රකාශ කළා.