වඩේ සමග අයිස් බෙදූ අයෙකු අත්අඩංගුවට

By Sithumi Dec 25, 2022 06:20 PM GMT
Report

හෝමාගම නගරයේ පාසල් සහ පුද්ගලික පන්ති සඳහා සහභාගී වන සිසුන් ඉලක්ක කරගනිමින් අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කල අයෙකු ඊයේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.  

පොලීසිය සැක පල කරන්නේ ඔහු වඩේ බෙදා හරින අයෙකු වූ අතර කලක් තිස්සේ මෙය සිදු කරගෙන යන්නට ඇති බවටයි.

  ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ ,සහකාර පොලිස් අධිකාරි රෝහණ පුෂ්ප කුමාර මහතාගේ මැදිහත් වීමෙන් හෝමාගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති අජිත් විජේසිංහ මහතාගේ අනුදැනුම මත මෙම වැටලීම සිදු වූ අතර මෙම වැටලීම සිදුකල හෝමාගම පොලිසියේ  උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතාට තියුණු ආයුධයකින් පහර දීමටද සැකකරු උත්සාහ දරා තිබෙනවා.