පොලිසියේ 210 කට ස්ථාන මාරුවීම්..

By Sithumi Dec 25, 2022 01:48 PM GMT
Report

පොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.  

එකී පිරිස අතර පොලිස් පරීක්ෂකවරුන් 50 කු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 210 ක් වනවා.

මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීම අතර ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඇතැම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබෙනවා.