වස පොවා මිය ගිය දරුවාගෙ මරණයෙන් පසු මවට සිදු වූ දේ..

By Sithumi Jun 18, 2022 05:36 PM GMT
Report

මාස නවයක් වයැසැති බිළිදෙකුට වස පොවා ඝාතනය කළා යැයි සැක පිට අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

 තෙලිජ්ජවිල - ඇල්ගිරිය - කන්දහේන ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව තම දරුවාට බත් කවා කිරිදී රෙදි සේදීමට ගොස් මද වේලාවකින් පැමිණ බලන විට දරුවා නිසොල්මන්ව සිටීම නිසා ලිපියක් ලියා පළා ගොස් තිබුණා.

ඊයේ සිදු කෙරුණු බිළිදාගේ මරණ පරීක්ෂණයේ සඳහන්ව ඇත්තේ කිරි හා බත් ඇට සිරවී ඇති වූ ශ්වසන අපහසුතාව හේතුවෙන් බිළිඳා මිය ගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now